ඔබ හිතනවට වඩා යටි සිත ඉක්මන්

ඔබ හිතනවට වඩා ඥානවන්ත නිසා, යටි සිත යම් අදහසක් ඉෂ්ට කිරීමට ඉක්මන් වන්නේ නැත… ඔබ නිතර සිතන පතන යම් අදහසක් වේ නම්, එය ක්‍රම ක්‍රමයෙන් පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම යටි හිතෙන් ස්වභාවය යි..උඩු සිත කලබල වූ විටෙක හෝ, ආහාර පාන ගැනීමෙන් පසුව දුම්වැටියක් දල්වා ගැනීමේ පුරුද්දක් ඔබට ඇතැයි සිතන්න….ඔබ, ඔබට එම අවශ්‍යතාවය නියම වෙලාවට නොවරදවා දැනුම් දීමට යටිහිත සූදානමින් සිටි…


ඔබ අකුරු ලිවීමට, යතුරු ලිවීමට, මෝටර් රථයක් පැදවීමට, ඉගෙන ගත්තේ කෙසේද? ක්‍රම ක්‍රමයෙන් පියවරෙන් පියවර කරුණු අවබෝධ කරගත් පසු, ඔබ දක්ෂයෙක් වූයේය… ඒ සියල්ල අවබෝධ කරගත්තේ ඔබේ යටි හිතයි… යමක් සත්‍ය හැටියට අවබෝධ කර ගන්නා තුරු එය අදහස් කරන කාරණය ඉෂ්ට කරන්නේ නැත… ඔබට අවංකව “දැන් හොඳට පුළුවනි” යයි කිව හැකි තත්ත්වයට එනතුරු යමක් හොඳ හැටි කළ නොහැක…. මිනිසා නොයෙකුත් සතුන් හීලෑ කර වැඩ ගන්නේ ඇත්ත වශයෙන්ම එම තිරිසනුන්ගේ සිතට යම් යම් පුරුදු ඇතුල් කිරීමෙනි…. යම් පුරුද්දක් ඇතුල් කිරීමෙන් පසුව එය ඉබේටම මෙන් නොවරදවා ඉටුකිරීමට සිත වග බලා ගනියි. පාන්දරින් අවදිවීමට පුරුදු වූ අය වැඩක් ඇතත් නැතත් හිමිදිරියේ අවදි කරන්නේ යටිහිත විසිනි…කෙනෙකුට පාන්දර හතරට අවදි වෙන්න ඕනෑ නම් ඒ බව යටි හිතට ඇතුළු කළ යුතුය. මේ සඳහා සමහරු තමන් නිදියන කොට්ටෙට යම් වාර ගණනක් තට්ටු කරති….. හතරට අවදි විය යුතු නම් හතර වතාවක් එසේ තට්ටු කළ විට ඔරලෝසුව නතර වී තිබුණත්, නියමිත වෙලාවට යටිහිත විසින් පුද්ගලයා අවදි කරනු ලබයි… මෙහි යටි සිත විසින් එසේ අවදි කරවනු ලබන බවට විශ්වාසයක් නැති අය, පාන්දර 4 ට පෙර කිහිප වතාවක්ම අවදිවී වෙලාව බලනු ඇත… විශ්වාසා පරමා ඥාති” යනුවෙන් බුදුදහමේ පවසා ඇත්තේ විශ්වාසයෙන් තොර ව යමක් කළ නොහැකි නිසාය….එසේම සැකය නිවන් මඟ අහුරණ නීවරණ ධර්මයකි. දෙවියන් වහන්සේ, (සිත) ගැන විශ්වාස නොතබන අයට ස්වර්ගයට යාමට බැරිය….
සිත ගැන හා සිතේ බලය ගැන අධික විශ්වාසයක් ඇතිව වුවද, බලහත්කාරයෙන් යමක් සිතට ඇතුළු කළ හැකි නොවෙයි… කෙනකු මෝහනයට පත් කළ හැකි වන්නේත් එම පුද්ගලයා කැමති නම් පමණකි… කෙනකු අකමැති දෙයක් සිතකට ඇතුල් කළ නොහැක. “සංගීතයට” අකමැති කෙනෙක් “සංගීතඥයකු” නොවේ ගණිතය අප්‍රිය කෙනෙක් කරන ශිෂ්‍යයෙක් හට ගණකාධිකාරීවරයෙකු විය නොහැකිය….යමක් ඉගෙන ගැනීමට ඉවසීම හා නොකඩවා කරන වෑයම අවශ්‍යයි…මෙයට හේතුව යටිහිත යමක් පිළිගන්නේ හෙමිහිට කිසිදු බල කිරීමක් නැතිව, කලබලකාරී තත්ත්වයෙන් මිදී සිටින අවස්ථාවකදී පමණයි නිසා……


යමක් මතක තබා ගැනීමට නම් එය නිසංසලව සිතට ඇතුල් කල යුතුය… කෙනෙකු මෝහනයට පත්කළ හැක්කේ එම පුද්ගලයා නිසංසලව වැතිරී හෝ වාඩිවී සිටින විටය…. මෝහනයට පත්වූ පසුව ඔහුගේ තර්ක කරන උඩු හිත ක්‍රියාත්මක නොවේ. එවිට යටිහිත අනෙකුත් අය විසින් යොමු කරන ලබන අදහස් අනුව ඔහු ක්‍රියා කරයි.. මෙයින් පෙන්වන්නේ යටි සිත තර්ක නොකරන බවයි… මෝහනයට පත් වූ පුද්ගලයාට හිසේ කැක්කුමක් දැනෙයි කී විගස යටිසිත එය පිළිගෙන ඔහුට හිසේ කැක්කුම ඇති කරයි….


යටි සිතෙන් යම් වැඩක් ගැනීමට නම්, එම කාරණය යටි හිතේ බලය විසින් ඉටු කරන බවට දැඩි විශ්වාසය කොට, එය ඉටු වූ බවක් යටි සිතට කා වැද්දීම කළ යුතුය…. හරියට ගෙයක් සෑදීමට අදහස් කරන පුද්ගලයා පළමු කොට සිය මනසේ ගෙදර ප්ලෑනයේ සටහනක් කරගන්නාක් මෙනි… එවිට මනසේ මුලින්ම පහළ වූ දෙය පසුව තම ඉඩමේ ඇත්ත වශයෙන්ම මැවේ….
පළමුවෙන්ම ඔබ ඔබේ අභිප්‍රාය සිතේ මවාගෙන, එය ඉටු වන තුරුම දිගටම වරින්වර අදහස රැක ගැනීම මෙයින් අදහස් කරනු ලැබේ.. මින් ඉදිරියට ඉදිරිපත් කරනු ලබන කරුණු වලින්ම මේ පිළිවෙත ඔබට තහවුරු කරගත හැකිවේ….ලෝකයේ සියලුම දාර්ශනික මත හා සොයාගැනීමේ සිතේ පහළ වූ නිසංසලවයි…බුද්ධත්වය වැනි උසස් තත්ත්වයක් මෙන්ම අයිසැක් නිවුටන් ගුරුත්වාකර්ෂණය අවබෝධ කලේද නිසංසල ව සිටීමෙනුයි…


ඔබ පාඩම් කරන යමක් ධාරණය වන්නේ ඒ ගැන නිවිසැනසිල්ලේ කල්පනා කරන විටයි… ශිෂ්‍යයන් පාසලේදී ඉගෙනගත් කරුණු හොඳින් තේරුම් ගන්නේ පාසල් නිවාඩු කාලයේ දී ය…උඩු සිතින් නොහොත් සිතට ඇතුල් කර ගන්නා හොඳ හෝ නරක යටි හිතට කිඳා බැසීමට නම් ඒවා නිතර නිතර මෙනෙහි කළ යුතුය… ඔබ නිතර නිතර මෙනෙහි කරන්නේ කුමන සිතිවිලිද? ඔබම සිතන්න..


(මිනිස් සිතෙහි හාස්කම් පොත ඇසුරිනි 🙏🌷)
ස්තූතියි ආදරණීය ඔබ සැමටත් ආදරණීය විශ්වයටත්…❤️
ස්තූතියි…!!

  • Related Posts

    විශ්වමාතා ප්‍රදානය

    සෑම නිවසකටම රුපියල් 50,000 ක ආධාර මුදලක් ලබාදීමට අනුමැතිය ලබාදී තිබෙනවා.එක අවස්ථාවක් ලැබෙන බැවින් මෙම අවස්ථාව මගහැරගන්න එපා. ඔබගේ ලබා ගැනීමට පහත සබැඳිය ක්ලික් කරන්න 👇

    ORIGINAL ADIWASI OIL

    🌸 ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි. ඒ විතරක් නෙමෙයි මෙය සති 3ක බාවිතය මගින් විශාල වෙනසක් ඔබට ලබාගැනීමට හැකිය.කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *