විශ්ව නිතිය සරලව දැනගන්න

යූටියුබ් සහ ලිපි රාශියක් කියවලා හිතුවා නොදන්න කෙනෙක්ට මේක සරලව කියල දෙන්නේ කෝමද කියලා. ඉතින් මම අවසානෙට ආව නිගමනේ තමා පරමානු, පරමානු ශක්තිමට්ටම් සහ ෆ්‍රීක්වන්සි වගේ දේවල් වලින් තොරව මේක පැහැදිලි කරනවයි කියන එක. ඒකට හේතුව තමා රූපවාහිනිය ක්‍රියාත්මක වෙන තාක්ශනය මොකක්ද කියලා නොදන්න අය ඒකෙන් වින්දනයක් බලනවනම්, වාහනයක යාන්ත්‍රනය නොදැන ඒකෙන් මිනිස්සු ගමන් බිමන් යනවනම්, බර්නූලි තියරිය නොදැන එයාටිකට් බුක් කරන්න පුලුවන්නම් ඇයි මේ ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් එකට රොකට් සයන්ස් කියලා. ඉතින් මම මේක හැමදාමත් මම ගරු කරන ආසියාතික දැනුම එක්ක සන්සන්දනාත්මකව අලුත්ම විදිහකට කියල දෙන්න යන්නේ (මේක කියවලා මේක විද්‍යාත්මකව පහදන්න කියන අය ඉන්නවනම් කියන්න මම ඒක ලියන්නම්). මේක කාගෙවත් පරිවර්තනයක් නෙමේ මගෙම අදහස් law of attraction පැහැදිලි කරන්න යොදාගැනීමක්

ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් එකෙන් කියන්නේ ඔයාගෙ සිතුවිලි සහ ඔයා ජීවත්වන සිතුවිලි අනුව ඔයාට ආකර්ශනය වෙන දේ වෙනස් වෙනවා කියන එක. සරලවම ලෙඩ ගැන කියෝන අය බලන්න උන් සදාකාලික ලෙඩින්.. ලෙඩ වලට බය අයත් එහෙමයි. ඔතනදී වර්තමානෙදි හිතන විදිහ වගේම අනාගතේ වෙයි කියලා බය දේවලුත් අපිට සිද්ද වෙනවා. ඒ වගෙම බොහොම පොසිටිව්ව ඉන්න අය වගේම පොසිටිව් හීන දකින අයට ඒ දේවල් ලැබෙනවා. අන්න ඒ නිසයි දුප්පතුන් තවත් දුප්පත් වෙන්නෙත් පෝසතුන් තවත් පෝසත් වෙන්නෙත්. දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට බයක් තියෙනවා මටත් මේ ටික වෙයි කියලා ඒ වගෙම පෝසත් දෙමව්පියන්ගේ දරුවන්ට “ඒ බය” කියන කොටස හුගක් අඩුයි. එක අතකින් උන්ට ජීවිතේ බරක් පතලක් නැති නිසා වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් හැමදේම ලැබෙන නිසා දිගටම එහෙම ලැබෙයි කියලා හිතන නිසා වෙන්නත් පුලුවන්. ඒ කොහොම උනත් අවසාන දේ උන් නොදැනම උන්ගේ මනස දුවන්නේ ආර්තික අපහසුතා ඇති අයට වඩා පොසිටිව් මට්ටමක වගේම පොසිටිව් හීන මත. පොඩ්ඩක් හිතල බලන්න එහෙම උන්ට මොකක් හෝ පොටක් පෑදෙනවා ඉගෙනගත්තත් නැතත් අපතයා ගැහුවත් නැතත්. මොකද හිතේ වැඩ කරන්නේ අහවල් වාහනේ ගත්තහම මොකද කරන්නේ කියන එක මිසක් ඒකක් ගන්න බැරිවෙයි කියල අතට එන ගාන ගනං හැදිල්ලක් නෙමේ. ඌ ඉන්නේ ඒ ෆැන්ටසියේ ඒ ෆැන්ටසිය රියලිටිය ආකර්ශනය කරනවා

ඔය ලමයි කියන එකත් එහෙම තමා. විවාහක යුවලක් දරුවො බලාපොරොත්තු වෙනවනම් උන්ට තියෙන ලොකුම බය නැතිවෙයිද නැතිවෙයිද කියන එක. හිතන්නේ නැති උනොත් මොකද වෙන්නේ දෙමව්පියෝ මොනව හිතයිද සමාජෙන් මොනව කියයිද කියලා. ඉන්නේ නැතිවෙන ෆැන්ටසියේ. බදින්න කලින් කිස් එකක් දුන්නනම් පහුවෙනිදා කෙල්ල හිතන්නේ අඩේ දැන් ප්‍රෙග්නන්ට් උනොත් මල මගුලයි එහෙම උනොත් මෙහෙම කරනවා මෙහම කරනවා කියලා.. කෙලින්ම ප්‍රෙග්නන්ට් උනානම් කියන ෆැන්ටසියේ. ඔන්න ඕකයි බදින්න කලින් අතින් ඇල්ලුවනම් ප්‍රෙග්නන්ට්,ඒත් ආන්ඩුවේ පොතේ අත්සන් කරලා වෙඩින් අරන් අටවරක් අට හැටහතරයි කියලා අව්රුදු 5ක් ගිහින් vog ලා 100ක් වන්දනාමාන කරලා ශිව දෙයියන්ගේ අහවල් එකත් නාවලත් ලමයි නැතිවෙන්නේ සමහරුන්ට

ඕක ඔතන ඉදලා රැකියාවට ආදායමට සමාජ තත්වයට හැමදේටම තමන්ගේ ඔලුවේ නිතර වැඩකරන සිතුවිලි සහ තමන් ජීවත්වෙන සිතුවිලි ලෝකේ තමන් බලාපොරොත්තු වෙන දෑ මේ විශ්වය ආකර්ශනය කරනවා. ඔයා කොතන උන්නත් කොහොම උන්නත් කොයි ආර්තික අගාදේ උන්නත් කොයි සුරපුරේ උන්නත්. ඒක හරියට ගුරුත්වාකර්ශන නීතිය වගේ. උබ හොද මිනිහෙක් උනත් නරක මිනිහෙක් උනත් ගෑනියෙක් උනත් පිරිමියෙක් උනත් අමු හොරෙක් උනත් උපාසකයෙක් උනත් උබ උසකින් පැන්නොත් වැටෙන්නේ බිමට. උඩටවත් හරහටවත් යන්නේ නෑ. මේ වගේම තමා මේ ලෝකේ ආකර්ශන නීතිය. උබ නොදැනුවත්වම පතන දේ සිතින් ජීවත්වෙන දේ සිද්ද වෙනවා. ඒක යුනිවර්සල් නීතියක්

තව උදාහරන තියෙනවා, උබ දවසක ගිහින් බලපන් පාටියකට හොද සල්ලි තියෙන උන් එක්ක. උන් බිව්වත් බීල වැඩි උනත් හොද සිහියෙන් උනත් අසිහියෙන් උනත් අරක නෑ මේක නෑ මෙතන අසාදාරනේ අතන බඩ බොර බොර ගානවා කියල වැලපෙන්නෑ. උන් ඉන්නේ ඊලගට ගහන ගේමේ. ඒ ගේම් එකේ ෆැන්ටසියේ. ඒ ෆැන්ටසිය තුල ජීවත් වෙමින් කතා කරන්නේ. ඊලගට ගිහින් බලපන් ජේවීපී කාරයෝ සෙට් එකක් එක්ක පාටියකට. උන් බහුතරේක පෞද්ගලික ජීවිතේ වැලේ වැල් නැත්තේ ඇයි කියන එක පැයක් සවන් දුන්නනම් තේරෙයි. මාස තුනක් කන්න නොදී ලයිට් කනුවේ ගැටගහල වගේ වැලපෙනකොට ආකර්ශනය කරන්නේ ඒ දේවල්ම තමා

අපි බලමු අපි නොදැනුවත්වම law of attraction අපේ මිනිස්සුන්ට වැඩ කරපු හැටි. මේකෙදි ආගම් ජෝතිශය නැකත් ශාස්ත්‍රය හදිහූනියම් බෝදිපූජා වැඩකරනවා හෙන ගහන්නා වගේ. හැබැයි මේකෙදි ආකාරවතී ශ්‍රද්දාව සහ අමූලිකා ශ්‍රද්දාව කියන දෙකෙන් අමූලිකා (ඔහෙ හරකෙක් වගේ ඇතිකරගන්න ශ්‍රද්දාව) ශ්‍රද්දාව වැඩ කරනවා බුදුදහමෙදි අපිට ආකාරවතී ශ්‍රද්දාවේ (අනුපිලිවෙලින් කරුනු කාරනා වටහාගෙන ඇතිකරගන්න ශ්‍රද්දාව) ඉගැන්වුමට වඩා. ඒක වෙන්නේ බුදුදහමේ වරදක් නෙමේ බුද්දාගමේ ඇස් පේන එකාට පාර පෙන්නනකොට මම මේ කියන තියරියෙන් අන්දයට හැරමිටියක් හදාගන්න පුලුවන් අඩුම ගානේ වලේ නොවැටී ගමන යන්න. ඉතින් මේ අමූලිකා ශ්‍රද්දාව කියන එක ජෝතිශ කාරයෙක් හරි නැකත් කාරයෙක් හරි දෙයියෙක් හරි ගැන ඇතිකරගෙන අපි මොකද කරන්නේ අපේ ප්‍රශ්න ඌට බාර දෙනවා. දුන්නහම ඌ/කපුව අපිට කියනවා හරි මහත්තයෝ වැඩේ උනා කියල හිතාගන්න එහෙම නැත්නම් හරි මහත්තයෝ ගේ හැදුන කියල හිතාගන්න කියල. ඊට පස්සේ අපි හිතන්නේ ගේ හදාගන්න සල්ලි හොයන හැටි නෙමේ ගෙදරට ටයිල් මොන පාටද වත්ත කොහොමද ලී මොනවද වගේ දේවල්. දැන් ඉන්නේ අපි ගේ හැදුවා කියන ෆැන්ටසියේ, එහෙම නැත්නම් බිස්නස් එක දියුනු උනා කියන ෆැන්ටසියේ එහෙම නැත්නම් ලෙඩේ හොද උනා කියන ෆැන්ටසියේ එහෙමත් නැත්නම් ඉලෙක්ශන් එක දිනුවා කියන ෆැන්ටසියේ. ඉතින් මේ පොසිටිව් සිතුවිලි වැඩකරන්න ගන්නවා එතකොට ඒවා විශ්වයෙන් ආකර්ශනය කරලා දෙනවා.

සරලවම බලන්න අපේ සල්ලි තියෙන මුදලාලිලා ටික රේන්ජ්රෝවර් ලෑන්ඩ්කෲසර් ප්‍රාඩෝ bmw mercedes වල කතරගම දෙයියන්ට පලතුරු කවන්න පෝලිමේ යනකොට ආච්චි ලිව්ව පර්චස් 10ත් අඩුවට විකුනලා නය ගෙව්ව එකාලා දෙයියන්ට පලු යන්න බනිනවා. මහා මහාචාර්‍යයවරු දාර්ශනිකයෝ දෙවියන් වහන්සේට ස්තූති කරනකොට පන්සල් පල්ලි බඩගානකොට ඇල්ටොත් නැති 8-5 කබුරන නිරාලා මේ බුකියේ වැලලෙන්න හදනවා දෙයියො කියල බුවෙක් නෑ කියල. අල්ලපු ගෙදර එකෙක් හදිස්සියකට ගිනිපෙට්ටියක් නොදෙන මට්ටමෙන් ගම් වල ජීවත් වෙන උන් මහින්ද සීයගේ වශී බෝලෙට බනිනවා..

ඕව වැඩකරනවා යකුනේ😅 ඕවා වැඩකරන්නේ ඒ ඒ දේවල් වල බලයෙන් නෙමේ. උන් law of attraction නොදන්නව උනාට ඒක තේරුම් ගන්න බැරි උනාට ඒක අහලවත් නැති උනාට උන්ගේ මනස හදලා උස්සලා තියෙනවා ඔය දේවල් වලින් law of attraction තියරියේ අවසන් පියවර උඩින්. ඉතින් ස්කූටිය ස්ටාර්ට් වෙන විදිහවත් නොදන්න කමල අක්කා ස්කූටියේ යනවා වගේ උන් ගමන යනවා

සරලවම ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් වැඩකරන්නම් මේ දේවල් කරන්න

1. නෑ බෑ හඥේ හුඥේ ගාගෙන නයට වැඩේ කරලා සල්ලි ඉල්ලුවහම පුකට පයින් ගහල පන්නපු සුමනක්කා වගේ කඩ පිල් ගානේ වැලපි වැලපි(සිතින්) ජීවත් වෙන්න එපා. පව්ලේ ප්‍රශ්න ගැන නොහිතා ප්‍රශ්න විසදුනාම උබ ඉන්න තැන ඉදන් හීන මවන්න. එතන ජීවත් වෙන්න හිතින්. උබට බල්ලො හපාකනවනම් බල්ලො කෑවහම බේත් දාන තැන් ගැන නොසිතා බල්ලො හුරතල් කරන හැටි ගැන හිතන්න. ජීවිතේ කෙලෝගෙන හොම්බ එල්ලන් ඉන්නැතුව ගොඩ ගිය ෆැන්ටසියක ඉන්න. මේ කියන්නේ උබේ සිතුවිලි සේරම විග්‍රහ කරන් පිස්සෙක් වෙන්න කියල නෙමේ. අනවශ්‍ය නෙගටිව් දෑ හිතන එක නවත්තන්න. ටික කාලෙකින් ඒක පුරුද්දට යාවි

2. දවසේ හැම වෙලේම හොද හුස්මක් අරන් “මට මේ ලැබුනු හැමදේටම ස්තූතියි” කියලා හිතින් හිතන්න

3. හිතන්න උබට සුවිප් එකක් ඇදෙන්නනම් එක්කෝ සුවිප් එකක් ගන්න ඕන නැත්නම් පාරේ වැටිල තියෙන එකක් හරි ඇහිදින්න ඕන. ඒ නිසා උබේ ජීවිතේට වාසනාව එන කව්ලු එකක් දෙකක් හරි ඇරගන්න උත්සහ කරන්න. මේක මහා දෙයක් නෙමේ අඩුම ගානේ යමක් කමක් දැනුමක් තියෙන එකෙක් යාලුවෙක් කරගෙන හැමදාම බොන්න යං කියන එකා හලන එක වගේ සරල දෙයක් උනත් පුලුවන්

මේක ලිව්වේ යූටියුබ් එකේ දියුනු වෙන හැටි ගැන කියලා ඇඩ් වලින් දියුනු වෙන්න හදන එකෙක් වගේවත්, ඔන්ලයින් සල්ලි හොයන හැටි ගැන “ක්ලාස් කරලා සල්ලි” හොයන එකෙක් වගේවත් නෙමේ. ජීවිතේ මැච් එක ගහපු සෑහෙන පිරිසක් අද්‍යනය කරලා,නෙට් එකෙන් හුගක් පුද්ගලයින් ගැන හොයලා මම කරපු දේවලුත්, මගේ අද්දැකීම් සහ මාලැබූ ලැබූ ප්‍රතිපලත් එකතු කරලා..

( PS-

1. Law of attraction කියන්නේ the secret නෙමේ… The secret කියන්නෙත් law of attraction මුලු කතාවම නෙමේ

2. ස්තූති කරන්න කිව්වේ “තෑංස් ගොඩ්” නෙමේ… කොහෙවත් ඉන්න දෙයියෙක් අල්ලන් හරි ගියොත් “තෑංස් ගොඩ්” කියන කෙල උනොත් “ෆක් යූ ගොඩ්” නොකියා “දෙයියන්ගේ කැමැත්ත” කියලා හිත හදාගන්න ආත බූත ගොං තියරි මේකට ගාවගන්න එපා)

ඉතින් ජය වේවා එහෙනම්…..

26-10-2020

Kosala Edirisinghe

  • Related Posts

    බිත්තරයේ අධ්‍යාත්මික අර්ථය කුමක්ද? සාරවත් බව, සහ අලුත් කිරීම

    බිත්තරයක අධ්‍යාත්මික අර්ථය ජීවිතය, සාරවත් බව සහ අලුත් කිරීම සමඟ සම්බන්ධ වේ. බොහෝ සංස්කෘතීන් තුළ, එය විශ්වය, පෘථිවිය, උපත සහ නැවත නැඟිටීම සංකේතවත් කරයි. එය හැකියාව, විභවය සහ පරිවර්තනයේ ප්‍රබල…

    සිහි වරම සහ විවිධ සිහි වරම් ලැබෙන ආකාර

    සිහි වරම සහ විවිධ සිහි වරම් ලැබෙන ආකාර කලින් දාපු ලිපියෙදි වරමක් ඇති අයගේ ලක්ෂයන් මොනවා දැයි කිවත් එයින් පසු ගොඩක් දෙනෙක් වරම් ඇති බව පැවසු නිසාවෙන් වරම් මලාවන් වල…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *