
මුල ඉඳන්ම ඉගෙන ගන්න කෙනෙක් මුලින් මේ ටික කරන්න..
ඔයාගේ මනස නිදහස් කරගන්න එක තමයි වැදගත්ම part එක..
මේක අමාරුයි කියල හිතන එක නතර කරන්න..
මොන විකාරයක් ද මේ කියල හිතන එක නතර කරන්න..
Low Of Attraction කියන්නෙ මැජික් එකක් නෙමෙයි ළමයි..
මේක ඔයාගෙ යටි හිත සහ විශ්වය අතර ගණුදෙනුවක්.. ඔයාට බැරිනම් ඔයාගේ සිතුවිලි පාලනය කරගන්න ඔයාට හැමදාමත් Low of attraction බොරුවක් ම වෙවී..
ඔයා තරහෙන් දුකෙන් කේන්තියෙන් ඉන්න කෙනෙක්නම්.. නිතර නිතර ඔයාට සිද්ද වෙන්නෙත් ඒ දේවල්මයි.. මොකද ඔයාගෙ හිත වැඩිපුරම බලාපොරොත්තු වෙන… සහ හිතන දේ තමයි විශ්වය ඔයාට ආකර්ශණය කරන්නෙ.. විශ්වය දන්නෙ ඔයා හදවතින් හිතන පතන දේ ඔයාට ලැබෙන්න සලස්වන්න විතරයි.. ඒක රිනාත්මක ද ධනාත්මක ද ඒකෙන් ඔයාට දුකක් ලැබෙනවද සතුටක් ලැබෙනවද කියල විශ්වය හිතන්නෙ නැහැ.. මොකද එයා ඔයාට දෙන්නෙ ඔයා නිතර නිතර හිතන පතන දේ…
ඒ නිසා ඔයා ජීවීතේ මොන මට්ටමක උන්නත් ඔයා මානසිකව වැටෙන්න පුළුවන් උපරිම වැටුනත් විශ්වාස කරන්න ළමයි.. ඔයා මනසින් නිතර දකින්න ඔයාගෙ ජීවීතේ ප්රශ්න ඈත් වෙලා ඔයා සතුටින් ඉන්න විදිය.. ඒ වගෙම ඔයා සතුටින් ඉන්න..
❤ හිනාවෙලා ඉන්න..
🌻○මම එසෙම අන්තෙටම මානසිකව වැටිලා දැන් මේ ලෝකෙ සතුටින්ම ඉන්නෙ මම කියලා හිතන තැනටම මනස දියුණු කරගත්ත කෙනෙක්○🌻
🌼○මම ශාරීරිකව කොයි තරම් සැප සම්පත් ලැබුවත් පුංචි කාලේ ඉදන් මම මානසිකව ලැබුවේ දුක.. මොකද මට උනේ දුක හිතෙන දේවල්.. මම නිතර නිතර Visualize කලේ දුක හිතෙන දේවල්○🌼
🌺○ඒ නිසාම දුක හිතෙන හදවතක් විතරයි මම රජ තිබුණේ.. හැබැයි මීට අවුරුද්දකට කලින් මම low of attraction ගැන දැනගත්තෙ නැත්නම් මම අද තාමත් එදා උන් තැනමයි○🌺
අද මම හිතන පතන දේ ක්ෂණිකව මට ලැබෙන තරමට විශ්ව යේ ආශිර්වාදය මට තියෙනවා.. මම ඒක තදින්ම විශ්වාස කරනවා..
🌻මම දැන් නිතරම ඉන්නෙ සතුටින්
🌻දුක තරහා ඉරිසියාව ලෝභකම මම ලග ඇත්තෙම නැහැ.. එහෙම සිතුවිල්ලක් ආවත් මම ඒක එහෙමම යටපත් කරනවා.. නෑ ඒක නරකයි ඔයා එහෙම හිතන කෙනෙක් නෙමෙයි කියල මගෙ හිතම මට තරවටු කරන තරමටමනස හැඩ ගැහිලා..
🌻මම උදෙන්ම අවදි වෙනවා.. ඇදෙන් බිමට පය තියෙන්නෙම ලෝකයම සුවපත් වෙලා කියල හිතාගෙන..
එහෙම පටන් ගන්න දවස අවසන් වෙන විදිය අති සාර්ථකයි ළමයි..❤
ඔයාට බැරි නැහැ අනිවාර්යෙන්ම පුළුවන්..
විශ්ව ආකර්ශණය හැමෝටම තියෙනවා ළමයි.. ඒක ඔයාට බලපාන විදිය රිනාත්මක ද ධනාත්මක ද කියන එක තීරණය වෙන්නෙ ඔයාගෙ සිතුවිලි මත..
ඔන්න අදත් සතුටින් හිනාවෙලා ඉන්න ඕනී..🌹
අපි ටිකෙන් ටික ඒ ගැන ඉගෙන ගමු ❤