සිහි වරම සහ විවිධ සිහි වරම් ලැබෙන ආකාර

සිහි වරම සහ විවිධ සිහි වරම් ලැබෙන ආකාර

කලින් දාපු ලිපියෙදි වරමක් ඇති අයගේ ලක්ෂයන් මොනවා දැයි කිවත් එයින් පසු ගොඩක් දෙනෙක් වරම් ඇති බව පැවසු නිසාවෙන් වරම් මලාවන් වල එන සිහි වරම පිලිබද සහ අනෙක් වරම් සම්බන්ධව ඉදිරියෙදි පැහැදිලි කරන්නම්. සැම විටම සැම කෙනෙක්ටම වරම් පිහිටන්නේ නැත.එක අවබෝධ කරගන්න.

මුලින්ම බලමු සිහි වරම කියන්න මොකක්ද කියල.

වරම් මාලාවේ ආකර්ශනය වන ස්වභාවයක් තමයි එක්තරා විදියක සිහි වරම මේකෙත් ආකාර කිහිපයක් තියෙනවා . මෙ ලිපියෙ මූලික ම අරමුණ සිහි වරම ලැබෙන විවිධ ආකාර ගැන කතා කරන එක.

1 ඇතැම් වරම් මාලාවල දී මුල් කාලයේ පමණක් පවතින සිහි වරම .

2 ඇතැම් ඥාති බලවේග වරම් ශක්ති වල ආශිර්වාද වල පමණක් තිබෙන සිහි වරම.

3 වරම් මාලාවදී ශරීරගත යම් සුලු ආකර්ශනයක් වෙව්ලීමක් පමණක් සහිත සිහි වරම.

4 දේවාස්ථානය හෝ දේවපූජා ශාන්ති කර්ම තුලදී හෝ දේවාභරණ ආදිය සමග පමණක් ලැබෙන සිහි වරම.

5 සාමාන්‍ය ජීවිතය ගත කරන විට පවා පවතින සිහි වරම.

6 ජ්‍යොතිෂය වෛද්‍ය ශාස්ත්‍ර වාස්තු විද්‍යා ගුප්ත ශාස්ත්‍රීය ආදි ශාස්ත්‍රඥයකුට ලැබෙන සිහි වරම.

7 භාවනා ආශිර්වාද ශක්තියකින් ලබන සිහි වරම.

8 වරම් මාලාවකදී විවිධ නේත්‍රා කර්ණමුණ්ඩය චිත්තමුණ්ඩ ආදී තවත් වරම් සමග ලැබෙන සිහි වරම.

9 ගුරු ආශිර්වාදයකින් ලබන සිහි වරම.

10 ඉෂ්ට දෙවියන් හරහා ⁣⁣ලැබෙන සිහි වරම බටහිර මායා කර්ම අතර ඉතාම ජනප්‍රිය ඉෂ්ට දෙවියන් ගෙ පණිවිඩ ලැබීමෙි ක්‍රමයකටද සමානය.

11 මන්ත්‍ර ශාස්ත්‍රීය ක්‍රම තුලින් ලබන සිහි වරම.

12 දේවතා අනුග්‍රහ ආශිර්වාද වලින් ලබන සිහි වරම

සිහි වරම සම්බන්ධ මෙවැනි කොටස් වෙන වෙනම පැහැදිලි ව මීට පෙර ඔබ අසා නැති බවට සැකයක් නැත . බොහෝ දෙනකු සිහි වරම ගැන දකින සරලම නිර්වචනය වරම ආවම සිහිය සම්පූර්ණ තියෙනවා යන්නයි.

🏵️ ඇතැම් වරම් මාලාවල මුල් කාලීන පවතින සිහි වරම නම් වරම ආකර්ශනය වීම සදහා ක්‍රමයෙන් ටිකෙන් ටික ශරීර ගත වීමය වරම් මාලාව මුලදී ශරීර ගත වන විට සිහිය පවතී මනසට කරුණුදීම විවිධ දේ පෙනීම පමණක් වෙයි කාලයක් යන විට ඥාති බලවේගය පිං ලැබ පුද පූජා වලින් බලගතු වී වරම් බලවී අඩසිහි හෝ අවසානයේ පරල වන අවස්ථාව දක්වා වරම ශරීර ගත වෙයි. ඇතැම් විට එකම වරම සිහි අඩසිහි පරල තුන් ආකාරයටම ශරීර ගත වෙයි . ඇතැම් විට මුල් කාලයේ සම්පූර්ණ ප්‍රලය වී පසුව සිහි වරමට වෙනස් වන බලවෙිගද සිටී.

🏵️ ඇතැම් වරම් මාලාවල සමහර ඥාති බලවේග හෝ ඇතැම් දෙවියන් ගෙ ආකර්ශනය ආශිර්වාද සමග පමණක් ලැබෙන සිහි වරම විෂ්ණු කතරගම දෙවියන් ඊශ්වර දෙවියන් පත්තිනි මෑණියන් දැඩිමුණ්ඩ දෙවියන් ගම්භාර දෙවියන් ….ආදි දෙවියන් ඉදිරියේදි ආකර්ශනය හෝ ආශිර්වාද ලැබී වරම් ක්‍රියා කරයි එම වරම් දරුවාටම තවත් වරමක ආරුඪ විය හැක. උදාහරණයක් ලෙස පත්තිනි මෑණියන් ගෙ ආකර්ශනය ආශිර්වාද බලය සමග ඖෂධ තෙල් සාත්තු කරන අතර කාලි මෑණියන් සම්බන්ධ වරම් බලවේගයකින් සාස්තර කියන විට වැඩ කරන විට ආරූඪ විය හැක.

🏵️ ඇතැම් වරම් දරුවන් දේවාලයදී වැඩ කටයුතු කරන විට පුද පූජා තබන විට සාස්තර කියන විට සුලු ආකර්ශනය වෙව්ලීමක් සහිතව තිබෙයි. නේත්‍රා පෙනීම චිත්තමුණ්ඩ කර්ණමුණ්ඩය පවතී

🏵️ ඇතැම් අයට මෙම සිහි වරම ලැබෙනුයේ දේවස්ථානය තුලදී හෝ වැඩ කටයුතු ශාන්ති කර්ම කරන විට පමණි. ඇතැම් විට සලුපිළි හැද සලං ත්‍රිශූල දේවාභරණ අත⁣ට ගත යුතුය ඒ සිහි වරම ශරීරයට වරම් දරුවන් ට ඒ අවස්ථා වලදී පමණක් ලැබේ.ඇතැම් විට භාෂා වරමද ඇත නමුත් සිහිය සම්පූර්ණ පවතී . යම් යම් ඉරියව් වෙනස් ව්ය හැක. වැඩ කටයුතු පවා කල හැක.

🏵️ ඇතැම් වරම් දරුවන් ට දේවස්ථානය තුලදී නොමැතිව පිටතදී පවා සාස්තර කියන්න ට භාෂා කතා කරන්න ට හැක පහන් දේවරූප නොමැතිව වුවද හැක. නේත්‍රා පෙනීම චිත්තමුණ්ඩ කර්ණ මුණ්ඩය පවතී වැඩ කටයුතු ද කරයි .

🏵️ භාවනා ආශිර්වාද ශක්ති හරහා ලැබෙන සිහි වරම කාලයක් පුරා සිත එකග කිරීමෙන් ලබන සමාධියකින් හෝ දෙවියන් සම්බන්ධ භාවනා කර ලබන ආශිර්වාදයකින් ලබන සිහි වරමකි නේත්‍රා චිත්තමුණ්ඩ ශක්ති ඇත . ඇතැම් අයට භාවනා කරන විටදී පමණක් ලැබේ ඇතැම් අයට භාවනාවෙන් සිද්ධි වී බල වී පසුව සිත එකග කර ශාස්ත්‍ර පේන කීම සහ වැඩ කටයුතු කල හැක.
ඊශ්වර දෙවියන් මූලික ව යෝග භාවනා හරහා ලැබේ. විශේෂයෙන් ශිව වන්දනා කල යුතුය .

🏵️ වරම් වලදී නේත්‍රා කර්ණමුණ්ඩ චිත්ත මුණ්ඩ නිමිති බැලීම් නාඩි පරික්ෂා ආදි වරම් මාලා කටයුතු සිහියෙන් ශක්තියයෙන් කල හැකි බලයයි. වරම් හොදින් සිද්ධි වී පිහිටීමෙන් ලැබේ.


සිහි වරම් බල වීමට මූලික ව

පිරිසිදු බව
සිල් සමාදන් වීම
බෝධි පූජා වන්දනා
බුද්ධානුස්සතිය
දේවතානුස්සතිය
මෛත්‍රී භාවනාව
නිසි දේවපූජා වත්පිළිවෙත් නිවැරැදි ව කිරීම
දෙවියන් ට නිවැරැදි මන්ත්‍ර ස්ත්‍රෝත්‍ර ගායනයෙන් සතුටු කිරීම
ඖෂධ ජලයෙන් ස්නානය.
ගුරු ආශිර්වාද ලැබීම.
ශාස්ත්‍රීය නියමයන්ට ගරු කිරීම.
ශාස්ත්‍රීය සිද්ධාන්ත ඉගෙනීම

තෙරුවන් සරනයි
සූනියම් දේවාලය

  • Related Posts

    බිත්තරයේ අධ්‍යාත්මික අර්ථය කුමක්ද? සාරවත් බව, සහ අලුත් කිරීම

    බිත්තරයක අධ්‍යාත්මික අර්ථය ජීවිතය, සාරවත් බව සහ අලුත් කිරීම සමඟ සම්බන්ධ වේ. බොහෝ සංස්කෘතීන් තුළ, එය විශ්වය, පෘථිවිය, උපත සහ නැවත නැඟිටීම සංකේතවත් කරයි. එය හැකියාව, විභවය සහ පරිවර්තනයේ ප්‍රබල…

    වරම් මාලාවක් එන විට දැනෙන ලක්ෂණ…

    1. ඕං හ්‍රීං පරම ලෝකේශ්වර – ශ්‍රී රාම මණිමකුට ගිනි ධරණ අසුර ශක්‍ර දේව ස්වාමි නමඃ2. ඕං හ්‍රීං විෂ්ණු මණ්ඩල අවතාර සුරසංහාර -මන්දීරපු දේව ස්වාමි දිෂ්ටි දිෂ්ටි වර වර නමඃ3.…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *