law of attraction ආකර්ෂණ නීතිය

මේක තේරුම් ගන්න අසීරු සංකල්පයක් නෙවෙයි , මේක ගුප්ත යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව නෙවෙයි, කිසිසේත් ම පුස්කොළ පොත්වල ලියපු තේරුම් ගන්න අසීරු දෙයක් නෙවෙයි. ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් නෙමෙයි. මෙය ඉතාම පහසුවෙන් කළ හැකි දෙයක් . මේ උදෙසා කළ යුතු පලවෙනිම දේ මේ සංකල්පය හරිහැටි තේරුම් ගන්න එක.
බොහෝ දෙනෙක් attention තේරුම් ගන්න උත්සහ කරන්නේ නැතුව එක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඇතැම්විට යූටියුබ් එකේ තියෙන සමහර සිංහල භාෂාවෙන් කෙරිච්ච වීඩියෝ වලින් තාමත් හරිහැටි අවබෝධයක් ඔබට Low of attraction පිළිබඳ ලැබෙන නැත්නම් මේ ලිපිය නිශ්චිත වශයෙන්ම ඔබට විශ්ව ආකර්ශන නීතිය එනම් Low of attraction කියන්නේ මොකක්ද කියලා පසක් වේවි.
අද මම ඔයාලට කියලා දෙන්නෙ low attraction වලින් වැඩ ගන්න එහෙම නැත්තම් ආකර්ෂණ නීතියේ ප්‍රතිඵල නෙලා ගන්න මොනවාද ඔබ මූලික වශයෙන් කලයුතු කාරණා හතර පිළිබඳ . ඉතාමත්ම සරලයි, මේක හරි හැටි තේරුම් ගන්න උත්සහ කරන්න. මේක හරි හැටි තේරුම් ගත්තොත් ඔබට ජීවිතයට බොහෝ දේවල් ලගා කරගන්න පුලුවන් , හේතුව මේ දැනටමයත් low attraction භාවිත කරලා ජීවිතයට බොහෝ දේ ලගා කර ගත්ත low attraction පාවිච්චි කරලා තමන්ගෙ ජීවිතයට වාසියක් කරගත්ත මිනිසුන් ඉන්නවා. අද ඒ පිළිබදව උදාහරණත් එක්ක මම ඔබට විශ්ව ආකර්ෂණ නීතිය ගැන කියලා දෙන්නම්.
විශේශයෙන්ම කියන්න ඔනි අපි ඇයි මේකට ආකර්ෂණ නීතිය කියලා කියන්නෙ කියලා, අපි ගත්තොත් ගුරුත්වාකර්ෂණ බලය ( Law of Gravity ) කියන දේ ඔබ දන්නවා අපි පන්දුවක් උඩ දැම්මොත් ආයෙ ඒය පොලවට පතිත වෙනවා . ඔබ උස් ගොඩ නැගිල්ලක් සිට පහලට පැන්නොත් ඔබව පොලවට පතිත වෙන එක නවත්තන්න බෑ. ආකර්ෂණය කරගනු ලබනවා. නමුත් අර පන්දුවම අභ්‍යවකාශයේ උඩ දැම්මොත් එය පාවේවි. හේතුව එතන Law of Gravity නැති නිසා. ඉතින් low attraction කියලා කියන්නෙත් ඔබ සිතන පතන දේ, ඔබ දකින දේ , ඔබ මනසින් බැඳෙනදේ, ඔබ කැමති දේ ඔබගේ ජීවිතයට ලගා කර ගැනීම පිළිබඳව නීතියක්. බෝලය උඩ දැම්මොත් නැවත බිමට පතිත වනවා සේම , ඔබ කැමති ඔබ දකින්න අසා ඒ වගේම ඔබ මනසින් ප්‍රිය කරන දේ ඔබගේ ජීවිතයට නැවත නැවත ළඟාවීම සඳහා කොහොමද මනසින් දැකීමේ කාරණාව ගැන මේ law of attraction වල පැහැදිලි කරලා තියනවා. මේක අමුතු දෙයක් නෙවේ කියලා මම කිව්වේ එකයි. නීතිය සමග බැඳෙන මිනිස්සුන්ට ලැබෙන වරප්‍රසාද ප්‍රතිලාභ නීතියට බැදුනු නැති මිනිසුන්ට ලැබෙන්නේ නැහැ. එකියන්නෙ ඔබ බැදෙන්නෙ වැරදි දෙයක් සමගනම් ඔබට ලැබෙන්නෙ වැරදි ප්‍රතිඵලම තමා ලැබෙන්නෙ .
Low attraction වලින් හරියට වැඩ ගන්න නම් ඒක ක්‍රම 4කින් අල්ලගන්න ඔනි.

  1. Confirmation Bias
    Confirmation Bias කියන්නෙ තමන් විස්වාස කරන දේට සාධක හොයන ගතිය. මේක හැම මනුස්සයෙක් ලගම තියෙනවා.
    උදාහරණයක් ගත්තොත්
    ඔබ ඔබේ යම්කිසි යාලුවෙක්ට මැසේජ් එකක් යවනවා . ඒ මැසේජ් එක යැව්වට පස්සෙ ඒ යාලුවට ඔබට රිප්ලයි කරන්න වෙලාවක් නැති වෙනවා, නැත්තම් ඔහු මැසේජ් එක දැක්කෙ නැ වෙන්න පුලුවන් . ඔබ කල්පනා කරනවා ඔහු ඔබට ප්‍රතිචාර නොදක්වන්නෙ ඔබත් එක්ක තරහ වෙලා කියලා . ඊටපස්සෙ ඔබ හිතන්න පටන් ගන්නවා, ඔබ තොරතුරු හොයන්න පටන් ගන්නවා, ඇයි මෙයා මාත් එක්ක තරහ උනේ, මේකට හේතු තියෙන්න පුලුවන්ද, ඒදවස් වල ඔහුගේ හැසිරීම හා දැන් සමග සසදනවා, පහුගිය දවසක ඔහු ඔබව හමුවෙන්න එනවා කියලා එන්නැතුව ඉන්නවා. එහෙනම් මේ තරහා වෙලා නිසා වෙන්නැති. තමන් හිතන දේ , තමන් විස්වාස කරන දේ confirm කරගන්න සාධක හොයනවා.
    තව විදිහකට කිව්වොත් පන්සීයක් පමණ ශාවකයින් සිටින දේශනයකදී දේශකයා විසින් පවසන කරුනු සම්භන්ධයෙන් බොහෝ පිරිසකට හිතෙන්න පුලුවන් , ශා මාරයි, හරිම වැදගත් දේශනයක්, අපේ ජීවිතේට හරි වැදගත් යනුවෙන් සිතෙන්නට පුලුවන් , එම දේශනයටම සහභාගි වූ තවත් සුලු පිරිසකට හිතෙන්න පුලුවන් , හාපෝ කිසිම වැඩක් නැති දේශනයක්, අපරාදෙ ආවෙ, කියලා. මෙම සෑම දෙනාටම දේශකයා විසින් ඉදිරිපත් කලේ එකම තොරතුරු. නමුත් එක එක්කෙනා පාවිච්චි කරන්නෙ එක එක විදිහට . මිනිස්සු හැම විටම filter කරලා තමා තොරතුරු ගන්නෙ ගමන්ගෙ මනසට. ඔව්න් filter කරලා ගන්න තොරතුරු හරහා ඔවුන් විස්වාස කරන දේ අකන්ඩව පවත්වා යන්න උත්සහ කරනවා. Low attraction වල කරන්නෙ තමන් විස්වාස කරන හොද දේ මේ confirmation bias එක හරහා ඉදිරියට පවත්වා යාගැනීම සදහා උදව් කරන එක. ඒ දේවල් තමන්ගේ ජීවිතයට ලගා කර ගැනීම සදහා උදව් කරන එක. එක්තරා පැත්තකින් මන් මෙහෙම කියන්නම් . ඔබ මීලගට මිලදී ගන්න කැමතිම වාහනේ මොකක්ද , ඔබ මිලදී ගන්න කැමති වාහනේ දකින්නට පටන් ගත්තාම හිතන්නට පටන් ගත්තාම ඔබ එම වාහනයේ රූපයක් මේසය ඉස්සරහ අලව ගන්න පුලුවන් , නැත්තම් 4 න් එකේ ඩීපී එකට දාගන්න පුලුවන් , ඔබ මේ ගැන හිතන්නට පටන් ගත්තට පස්සෙ ඔබ පාරට බැස්සාම ඔබ කැමතිම වාහනේ පේන්න පටන් ගන්නවා. ඒක BMW වේවා CBR වේවා මොන හෝ වාහනයක් පේන්න පටන් ගන්නවා පාරෙදි, අන්න මන් කැමතිම වාහනේ යනවා අන්න මන් කැමති බ්‍රෑන්ඩ් එකේ වාහනයක් යනවා ඔබට ඒක පේන්න පටන් ගන්නවා. හැබැයි ඔබ හිතන්න මීට කලින් එවැනි වාහන ඔබව පහු කරන් ගියෙ නැද්ද , ගියා. නමුත් ඔබ එය දැක්කෙ නෑ. හේතුව එය confirm කරගන්න එය ඔබගෙ ඔලුවට දාගෙන තිබ්බෙ නෑ. එනිසා confirmation Bias එක පාවිච්චි ක්රන්න තමන්ගෙ ජීවිතේ තමන්ට කැමති දේවල් ලගා කර ගැනීම සදහා. මොකද හේතුව තමන්ට ඒක කරන්න පුලුවන් කියන විස්වාසය ඇති උනාට පස්සෙ එම විස්වාසය ජනිත කරවන තොරතුරු ඇතුලට දාගන්න උත්සහ කරනවා. මේක එක්තරා ආකාරයට තමන්ගෙ දුර්වල කමක් වෙන්නත් පුලුවන් . නමුත් ඒක වාසියට පාවිච්චි කරන්න.
  2. Dont Notice , Give Attention
    දේවල් දකින්න නෙමේ දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න. දේවල් Notice කරන්න නෙමේ Attraction එක දෙන්න පුරුදු වෙන්න. “
    මොකක්ද මේ කියන කාරණාව ඉතාමත් අදුරු අහසක් තියෙන දවසක වැස්ස ඇද වැටෙනවා ඒවගේම අකුණු ගහනවා. ඔබට එලියට යන්න බැහැ. ඔබ ජනේලයෙන් එලිය බලනවා. ඔබට පේන්නෙ ඉතාමත් අදුරු අහස් කුසක්. මහ කාලකන්නි , මූසල දවසක් විදිහට ඔබට දැනෙන්න පටන් ගන්නවා. මේ අදුරෙ එලියට බැහැලා යන්න බැ. අද වැඩක් කරගන්න වෙන්නෑ කියලා හිතන ඔබ, ඔබගේම ජනෙල් කවුලුවෙන් එලිය බලන ඔබගේම පවුලේ සාමාජිකයෙක් ගැන හිතන්න. ඔහුට හිතෙන්න පුලුවන් අද දවසෙ එලියට බහින්න බැරි උනත් මම පාවිච්චි කරනවා මගෙන් මගහැරුන දෙයක් ගෙදරට වෙලා ඉදලා කරන්න. මොකක් හරි අත් හැරපු දෙයක් පටන් ගන්න. අත් හැරලා තිබ්බ පොතක් නැවත ලියන්න පටන් ගන්න, දැන් එකම අදුරු අහස් කුස, එකම අදුරු පරිසරික තත්වය , ඔබ දෙන්නා දකින්නෙ දෙවිදිහකට. ඒ නිසා තමා මම කිව්වෙ, දේවල් දකින්න නෙමේ දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න. දේවල් Notice කරන්න නෙමේ Attraction එක දෙන්න පටන් ගන්න කියලා. මොකද මේක ඉතාම වැදගත් . මේ විදිහට හිතපු මිනිස්සු, දේවල් දැක්ක මිනිස්සු නෙමේ දේවල් වලට අවධානය දුන්න මිනිස්සු තමන්ගෙ ජීවිත වෙනස් කරගෙන තියෙනවා.
    ඔබට දේවල් දකින්න නෙමේ, දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න. දේවල් Notice කරන්න නෙමේ Attraction එක දෙන්න පුරුදු වෙන්න පුලුවන් නම්, එදිනෙදා අපි දකින දේ අයහපත් පැත්තට වඩා යහපත් පැත්ත ගැන අවධානයට යොමු කරන්න අන්න එතනදි ඔබට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් තියෙනවා.
    හිතන්න ඔබේ ආයතනයේ ප්‍රධානියා ඔබට එක්තරා මොහොතක කෑ ගහනවා. ඔබ දකින්නෙ, ඔහු ඔබට කෑ ගහපු බව පමණයි. ඔබ රැකියව පිලිබද කලකිරීමකට පත් වෙනවා, ඔබ රැකියාවේ ඉදිරිය ගැන හිතන එක නවත්තනවා . හැබැයි ඔබ අවධානයට යොමු කරනවනම් මොකක්ද උනේ කියන කාරණාව පිළිබදව ඔබට දකිනවට වඩා දේවල් පේන්න පටන් ගන්නවා. ඔබ සමහර විට මෙම බැනුමට සුදුසුයි කියලා දැනෙන්න පටන් ගන්නවා. ඔබ වරදක් කරපු නිසා තමා එතනදි ඔබට බැනුම් අහන්න උනේ කියලා ඔබට පේන්න පටන් ගන්නවා. එවිට එම වරද නොවීම සදහා ඔබ ගතයුතු ක්‍රියා මාර්ගය කුමක්ද කියලා ඔබ සිතන්න පටන් ගන්නවා,නැවත එවැනි අතපසුවීමක් නොවෙන්නට වගබලා ගන්නවා. හැබැයි ඔබ දකිනවනම් ඔබ දකින්නෙ ඔබේ ප්‍රධානියා ඔබට බැනපු බව විතරයි. හැබැයි අවධානය යොමු කරනවනම් ඔබට බැන්න බවට එහාට ගිහින් ඇයි මට බැන්නෙ කියන කාරනාව පිළිබඳ ඔබ හිතන්න පටන් ගන්නවා. නෙන්න මේක හරියට තේරුන් ගැනීම ඉතා අවශ්‍යයි . Low Attraction ආකර්ෂණ නීතිය මගින් ඔබ තුල සාර්ථක ප්‍රතිඵල අත්පත් කර දීම සදහා. මොකද හේතුව ඔබ දකින්නට පමණක් උත්සහ කලොත් ඔබ දකින්නෙ පරිබාහිර දේ පමණයි. පරිබාහිර ලෝකය ඔබට කරන බලපෑම් පමණයි. හැබැයි ඔබ අවධානය යොමු කරන්න පටන් ගත්තොත් යම් කිසි සිදුවීමක් හරහා ඔබ ඇතුලත තියෙන දේ එහෙමත් නැත්තම් ඔබ ඇතුලත සිදුවිය යුතු වෙනස්කම් ඔබ දකින්නට පටන් ගන්නවා. ඒ නිසා ඔබගේ ජීවිතේ කියන්නෙ පරිබාහිර ලෝකය නෙමේ.ඔබගේ ජීවිතය කියන්නෙ අභ්‍යන්තරය. එලියෙ තියෙන කිසිවෙකුට බෑ ඔබට ලබා නොදෙන දේවල් තීරණය කරන්න හැබැයි ඔබ ඔබේ ඇතුලත තියෙන දේ වෙනස් කර ගත්තොත් ඔබට පුලුවන් ඔබට ලැබෙන ප්‍රතිඵල වෙනස් කර ගන්න. ඒ නිසා දේවල් දකින්නැතිව අවධානය යොමු කරන්න ඔබට පුලුවන් නම් ආකර්ෂණ නීතියේ දෙවෙනි නීතිය ක්‍රියාත්මක කර ගන්න පුලුවන් .
  3. Use the Power to Choose
    තෝරා ගැනීමේ බලය භාවිත කරන්න. තෝරා ගැනීමේ බලය කියන්නෙ මොකක්ද ? ඉන්ග්‍රීසි භාෂාවේ මෙන්න මෙහෙම කියමනක් තියෙනවා.
    ” you are not a winner by want, you are not a loser by want. but you are not a choose by want “
    ඔබ උපතින් ජයග්‍රහණයක් නොවන්නේය. ඔබ උපතින් පරාජිතයෙකු නොවන්නේය. නමුත් නියත වශයෙන් ඔබ උපතින් තෝරාගන්නෙකු වන්නේය . ජීවිතයේ අපට ලැබෙන දේවල් පැහැදිලිවම අපගේ තෝරා ගැනීම්. ජීවිතයේ කිසිවක් අපට අහම්බෙන් ලැබෙන්නෑ. හැමදේම අපි කරොත්, එහි ප්‍රතිඵලයක් අපට ලැබෙන්නෙ. විභාගය විශිෂ්ඨ ලෙස සමත් වෙන සිසුවෙක් විභාගය සමත් වෙන්නෙ ඔහු කරපු හොද දේවල් වල ප්‍රතිඵලයක් විදිහට. එසේම විභායය අසමත් වෙන සිසුවෙක් අසමත් වෙන්නෙ ඔහු පාඩම් නොකර සිටීමේ ප්‍රතිඵලයක් විදිහට. හැමවිටම අපට ලැබෙන්නෙ අපි කරන දේවල් වල ප්‍රතිඵලයක් . මේකෙදි මට ඔබට ක්‍රීඩකයෙකු හදුන්වා දෙන්න පුලුවන්. ඔහු තමා මාක්ස් ස්පික්. ඔහු 1972 ඔලිම්පික් තරගා වලියේ ඔහු පලවෙනි වතාවට ක්‍රීඩකයෙක් එකම තරගාවලියක රන් පදක්කම් 7ක් ලබා ගැනීමේ ලෝකවාර්තාවක් තැබුවා. ඔහු පිහිනුම් ක්‍රීඩකයෙක්. ඔහු ලස්සන කතාවක් කියනවා, ඔබ තරගයට සූදානම් වීමට අසමත් වනේනම් ඔබ තරගයේදී අසමත් වීමට සූදානම් වන්න කියලා. ඔබ තමයි තීරකයා ඔබ තරගයෙදි අසමත් වෙනවද, ඒම නැත්තම් ඔබ තරගයට සූදානම් වෙනවද කියන කාරණයේදී. හැමවිටම ඔබ කරන දේ මත, හිතන දේ මත හැමදේම තීරණය වෙනවා.
    සමහරු හිතනවා මේ Low Attraction කියන්නෙ හැමවිටම තමන් දකින දේ දකින දේ නැවත නැවත හිතුවොත් ප්‍රතිඵල ලබා දෙන දෙයක් කියලා. නැහැ , ඒක සහමුලින්ම වැරදී . ඔබ හිතන දේ ක්‍රියාත්මක කිරීම සදහා ඔබ ලග වැඩ පිලිවෙලක් නැත්තම් මේ low attraction කියන දේ ක්‍රියාත්මක වන්නේ නෑ.
    මම මේක තව විදිහකට ඔබට තේරුම් කරන්නම්. ඔබට තියෙනවා උද්‍යානයක්. මේ උද්‍යානයේ ඔබට පුලුවන් රෝස මල් පාත්තියක් දාන්න. හැබැයි ඔබ ඒ වෙනුවෙන් මොකක්ද සිදු කල යුත්තෙ. ඔබ ඒ සදහා ඉතාමත් පරිස්සමෙන් රෝස මල් හිටවන්න ඔනි. ඒවා නඩත්තු කරන්න ඕනි, එතකොට තමයි රෝස මල් වලින් ගහන උද්‍යානයක් ඔබට දක්නට ලැබෙන්නෙ. හැබැයි ඔබ එලෙස රෝස මල් උදායනයේ වගා කිරීමකින් තොරව නිකන් තිබ්බොත් ඔබට රෝස මල් උද්‍යානයක් දක්නට ලැබෙන්නැහැ. ඒක පැහැදිලිවම වල් පැලෑටි වලින් ගහන කිසි ආකර්ෂණයක් නැති වල් ඉඩමක් බවට පත් වෙනවා. ඔබ ඔබේ නිවස නඩත්තු නොකර අත් හැර දැම්මොත් නොබෝ දිනකින් එය ලදු කැලෑවක් බවට පත් වෙනවා. Low attraction වලදි කියන්නෙ ඔබ වැඩ කල යුතුව තියෙනවා. ඔබ තෝරාගත යුතුව තියෙනවා. ඔබේ සිතුවිලි ක්‍රියාවන් තෝරාගත යුතුව තිබෙනවා. සෑම උදෑසනකම ඔබ සිතන දේ පිළිබඳව වැඩ කරන ආකාරය ඔබව ඔබේ ඉලක්ක වෙත ගෙන යාම තීරනය කරනවා. හැමවිටම තමන්ගේ තෝරා ගැනීමේ බලය තීරණය කරන්න. ජීවිතයේ තීරකයා බවට පත් වන්නෙ තමන් ය කියන දේ පිලිබදව මතක තියා ගන්න. ඒ නිසා තීරණය කිරීමේ බලය ඔබ ලග තියා ගන්න.
  4. Live in Your Dream
    තමන් කැමති ජීවිතය තුල තමන් ජීවත් වීමට පටන් ගන්න. කෙනෙකුට ඕනි දක්ෂ අලෙවි කරුවෙකු වන්න, කෙනෙක්ට ඕනි විභාගයෙන් ඉහල ප්‍රතිඵල ලබා ගන්නා ශිෂ්‍යයෙක් බවට පත් වන්න. කෙනෙක්ට ඕනි ඉලක්ක වලට ගිහින් සතුටු වන්න. හැමෝම බලන්නෙ තමන්ගෙ ඉලක්ක වලට ගියාට පස්සෙ ඒ චරිතෙ තුල ජීවත් වෙන්න.
    නමුත් low attraction වලදි කියන්නෙ තමන් දෙයක් තුලට පත් වෙන්න කලින්, තමන් යම් කිසි පුද්ගලයෙකු බවට පත් වන්නට කලින් එතන ජිවත් වන්න පටන් ගන්න. ඒ ජීවත්වන්න පටන් ගැනීම තමයි ඔබව එතනට අරන් යන්නෙ.
    මන් දෙයක් අහන්නම් මේ ලිපිය කියවන ඔබ තව අවුරුදු 10කින් ඔබ කවුද කියලා ඇහුවොත් සමහර විට ඔබට උත්තර නෑ. බොහෝ දෙනෙක්ට උත්තරයක් ඒ ගැන අදහසක් එන්නෑ. එකට හේතුව ඔබ ඔබගේ ඉලක්ක තුල ජීවත් වෙන්නෑ. නමුත් තමන් දක්ශ අලෙවිකරුවෙක්, තමන් දක්ෂ ව්‍යාපාරිකයෙක්, තමන් දක්ෂ සිසුවෙක් කියලා , දක්ෂ නොවෙන කෙනෙකුට අද තමන් දක්ෂයෙක් කියලා හිතලා වැඩ කරනවනම් low attraction හරහා කොහොමද වාසි ලබා ගන්නේ කියලා මන් ඔබට උදාහරණ ඇසුරෙන් පෙන්වා දෙන්නම්.
    ඔබ දන්නවාද මොහොමඩ් අලී, ලෝකයේ විසූ දක්ෂ , බිහිසුනුම බොක්ෂින් කරුවා, වලල්ල තුල බිහිවූ දක්ෂතම ක්‍රීඩකයා ඔහු එක්තරා තැනකදී කියනවා .
    ” We want to become a champion, Think like a champion, act like a champion, You will become a champion.”
    ඔබට අති විශිෂ්ඨයෙකු වීමට අවශ්‍ය නම් ඔබ හිතන්න ඔනි විශිෂ්ඨයෙකු විදිහට, වැඩ කරන්න ඔනි විශිෂ්ඨයෙකු විදිහට , එවිටයි ඔබව විශිෂ්ඨයෙක් බවට පත් වන්නේ කියලා. මොහොමඩ් අලී තමන් විශිෂ්ඨයෙක් කියලා හිතන්න පටන් ගත් අවස්ථාවේදි ඔහු ඇත්තටම විශිෂ්ඨයෙක් නෙමේ. හැබැයි ඔහු හිතන්නට පටන් ගත්තාම තමා ඔහුව එතනට ගෙන ගියේ. කොහොමද ඒක උනේ, ඔබ හිතන්න තමන් අති විශිෂ්ඨයෙක් කියලා හිතන ක්‍රීඩකයෙක් උදේ පාන්දර 4ට නැකිටීම ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. මොකද විශිෂ්ඨයෙක් උදේම අවදිවෙනවා. මොකද ජිම් එකට යාමට ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. වෙලාවට ජිම් එකට යනවා. පුහුණු වීම් මගහරින්නෙ නැහැ. මොකද විශිෂ්ඨයින් වෙලාවට පුහුණු වීම් වලට යනවා. පුහුණුවීම් වලට 100% ක් කැපවෙනවා. විශිෂ්ඨයින් තමගෙ කෑමබීම පිලිබද අවධානය යොමු කරනවා, විශිෂ්ඨයින් තමන්ගේ විවේකය, නින්ද ගැන අවධානය යිමු කරනවා. මේ දේවල් කරනකොට තමා ඔබ විශිෂ්ඨයෙක් බවට පත් වන්නෙ. ඒ නිසා මොහොමඩ් අලී නිතරම කිව්වා ඔබ චැම්පියන් කෙනෙක් කියලා හිතන්න. ඔබ චැම්පියන් කෙනෙක් වුනාම ඒ ගැන හිතන එක නෙමෙ කල යුත්තේ, ඔබ දැන් චැම්පියන් කෙනෙක් කියලා හිතන එක තමා ඔබව එතනට ගෙන යන්නේ කියලා. මෙන්න මේ කාරනාව තේරුම් ගන්න උත්සහ කරන්න.
    තව දුරටත් තේරුනේ නැත්තම් මන් තව උද්‍යානයක් ගේන්නම්. ලංකාවේ ප්‍රධානපෙලේ දේශනයක, එක්තරා අලවි සැසිවාරයක දේශක වරයෙක් විදිහට මට යන්නට සිදු වෙනවා. මේ සැසි වාරයට අප සහභාගි කර ගත්තෙ තුන්වන පෙලේ අලෙවිකරුවන්. ඔවුන්ට මෙම දේශනය පවත්වන වෙලෙ කිව්වා ඔබ සාර්ථක අලෙවිකරුවෙකු බවට පත් වීමට අවශ්‍ය නම් පැහැදිලිවම සාර්ථක අලෙවිකරුවෙකු බවට හිතන්නැතුව එතනට යන්න බැ කියල. එතනනදිම මම කිව්වා ඔබට ඉදිරියේදි හමුවෙන හැම පුද්ගලයෙකුම ව්‍යාපාරික අවස්ථාවක් ලෙස ඔබ දකින්නෙ නැත්තම් සාර්ථක අලෙවිකරුවෙකු බවට පත් වන්න බැ කියලා. එදා රාතියේ මගෙ දුරකථනයට ඇමතුමක් ලැබෙනවා. එදා එම දේශනය පැවැත් වූ ආයතනයේ අලෙවිකාරණියක්. ඇය මාත් එක්ක සුහද කතා බහක් පවත්වලා අවසානයේදී සියල්ලට ස්තූති කරලා මගෙන් අහනවා යමක්. මහත්මයා ඔබට ජීවිත රක්ෂණයක් තිබෙනවද, එහෙමත් නැත්තම් විශාම සැලසුමක් තියෙනවද, ඔබ හිතන්න එදා මන් එම දේශන වාරය පවත්වලා ආවෙ පන්සීයකට ආසන්න සහභාගි වූ පිරිසට මගෙ දුරකථන අංකය ලබා දීලා. ඔබට මතකනම් මම ඒ සැසියෙදි කියනවා ඔබට හමුවන් සෑම පුද්ගලයෙකුම ව්‍යාපාර අවස්ථාවක් විදිහට දකින්න කියලා. එදා දවසේ එම දේශනය පවත්වලා ආවාම මට 4න් කෝල් ,මැසේජ් විශාල ප්‍රමාණයක් ආවා එම දේශනය ඉතාම වටිනවා කියලා. නමුත් එක්කෙනෙකුට විතරයි හයිය තිබුනේ කෝල් එකක් දීලා මාව විස්නස් එකක් විදිහට ගන්න පුලුවන්ද කියලා ට්‍රයි කරලා බලන්න. ඔබ හිතන්න මට මොනවා හිතෙන්නැද්ද කියලා. මට ගොඩක් සතුටුයි,මට තරහා ගියෙ නෑ. මන් ගොඩක් සතුටු උනා මගෙ දේශනය අහගෙන ඉදපු එක මනුස්සයෙක් හරියට මන් කියපු දේ තේරුම් අරන් මාව ව්‍යාපාරික අවස්ථාවක් කරගන්න උත්සහ කලා මට යමක් විකුනන්න. ඔබ හිතන්නෙ මම කුමක් කරන්නැතිද, මම ඇගේ රක්ෂණ සැලසුම මිලදී ගත්තා. අද වෙනකොට මම ඇයගේ රක්ෂණ සැලසුම් කිහිපයක් මිලදී අරගෙන මම ගෙවීම් කටයුතු කරමින් ඉන්නවා. ඔබ හිතන්න ඇය ඉතාමත් දක්ෂ ලෙස එම කටයුත්ත සිදු කලා. ඇය 3වෙනි කාන්ඩයේ අලෙවිකාරණියක් වුවත් ඇය පලමු අවුරුද්දේ පලවෙනි කාන්ඩයේ අලෙවිකරුවන්ටත් ලගා විය නොහැකි මිලියන් ඩොලර් රව්න් ටේබල් සදහා අවශ්‍ය විකිණුම් පරිමාවට ලගා වෙලා ඇය ඇමරිකාවට යන්න වාසනාව උදා කරගන්නවා. ඇයට වයස අවුරුදු 68යි.ඇය ඇගේ ඉලක්ක වෙත යන්න වයස බාධාවක් කරගත්තෙ නැහැ. ඇය තුල තිබුනෙ එකම එක වෙනසයි. ඇයට අවශ්‍ය උනා ඇය කැමති ජීවිතය තුල ඇය ජීවත් වෙන්න. ඇය මිලියන් ඩොලර් රව්න් එකට ගියාට පස්සෙ නෙමේ ඇය දක්ෂ අලෙවිකාරණියක් බවට හිතන්න පටන් ගත්තේ. ඇය මගෙ සැසිය අවසන් වන මොහොතේම තමන් දක්ශ අලෙවිකාරණියක් ලෙස ඇය හිතන්න පටන් ගත්තා .
    ඔබට විශිෂ්ඨයෙක් බවට පත් වන්නට අවශ්‍ය නම් ඔබ විශිෂ්ඨයෙක් වශයෙන් සිතිය යුත්තේ,ඔබ දක්ෂ ශිෂ්‍යයෙක් සිතිය යුත්තේ, ඔබ දක්ෂ ක්‍රීඩකයෙක් බවට සිතිය යුත්තේ ඔබ ඒ පුද්ගලයා බවට පත් වූවෑන් පසු නොවේ. ඔබට අවශ්‍ය වන්නෙ කොයි මොහොතෙ ද ඔබ එම මොහොතේදීම සිතන්න පටන් ගත්තොත් ඔබ විශිෂ්ඨයෙක් කරා යන ගමනේදී ඔබට විශිෂ්ඨයෙක් බවට පත් වීමට මග පෙන්නනවා. මේක තමා low attraction වල 4වෙනි කාරණාව .
    එම නිසා ජීවිතයේ low attraction භාවිත කරන්න බලාපොරොත්තුව වෙනවනම් ,
    Confirmation Bias එකෙන් වැඩ ගන්න
    දේවල් දකින්න නෙමේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්න.
    තෝරා ගැනීමේ බලය පාවිච්චි කරන්න.
    තමන් කැමති ජීවිතය,ලබා ගත්තාට පසුව නොවේ දැන් ඉදලම ජීවත් වෙන්න පටන් ගන්න.
    වැඩිදුර තොරතුරු අවශ්‍යනම් මේ පිලිබද වීඩියෝ තියෙනවා. ඒවා බලන්න.
    The secret කියන පොතේ සම්පූර්ණයෙන් ලියලා තියෙන්නෙ low attraction ගැන.
    ඒ වගේම the secret චිත්‍ර පටය නැරඹීමෙන් ඔබට බොහෝ දේ මේ පිළිබද දැනගත හැක.
    එකම එක දෙයක් මතක තියා ගන්න , කිසිවක් නොමිලේ ලැබෙන්නැහැ. අපි ඒ වෙනුවෙන් කැපවිය යුතුයි, ඒ වෙනුවෙන් වැඩ කල යුතුයි.

  • Related Posts

    විශ්වමාතා ප්‍රදානය

    සෑම නිවසකටම රුපියල් 50,000 ක ආධාර මුදලක් ලබාදීමට අනුමැතිය ලබාදී තිබෙනවා.එක අවස්ථාවක් ලැබෙන බැවින් මෙම අවස්ථාව මගහැරගන්න එපා. ඔබගේ ලබා ගැනීමට පහත සබැඳිය ක්ලික් කරන්න 👇

    ORIGINAL ADIWASI OIL

    🌸 ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි. ඒ විතරක් නෙමෙයි මෙය සති 3ක බාවිතය මගින් විශාල වෙනසක් ඔබට ලබාගැනීමට හැකිය.කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *