
ආකර්ෂණ නීතිය කතාකරන අයට මඟ හැරුණු ආකර්ෂණ නීතියේ ප්‍රධානතම සැගවුන මූලධර්මයක්………
ඔබ දැනටමත් දන්නවා ආකර්ශ නීතිය කුමක්ද කියා…… එය ස්වභාධර්මයේ නීතියක්…. කවුරු පිළිගත්තත් නැතත්… හැමෝටම පොදුවේ ක්‍රියාකරන මූලධර්මයක්…… ආකර්ෂණ නීතිය ඔබ තුලින් ක්‍රියාත්මක කරවන ප්‍රධාන සාධකය ඔබේ උප විඤ්ඤාණික මනස හෙවත් යටි සිත….. යටි සිතට ඇතුළත් වන්නේ කුමක්ද ……එයට අදාළ සිදුවීම්…. අවස්ථා සහ සම්පත් ඔබට අත්දකින්නට සැලැස්වීම යටතේ ප්‍රධාන කාර්යයක්..
අද අපි හඳුනාගනිමු ආකර්ෂණ නීතිය භාවිතා කරද්දී එය උගන්වන සුදු මහත්වරුන්ට සහ දේශීය මගපෙන්වන්නන් ට මගහැරුණු ප්‍රධාන සාධකයක් නැතිනම් අති ප්‍රබල ක්‍රමවේදයක් ගැන.
මෙය බෞද්ධ ඉතිහාසයේ සහ ශ්‍රී ලාංකික ඉතිහාසයේ අපේ පැරැන්නන් භාවිතා කළ ඉතා ප්‍රබල ක්‍රියාකාරී ක්‍රමවේදයක්.කුමක්ද ඔබ අසා ඇති…..
සත්‍යක්‍රියා…………….(උපවාසය)
සත්‍යක්‍රියා කිරීම යනු ආකර්ෂණ නීතියේ ප්‍රබලතම භාවිතයක්… එහිදී සිදුවන්නේ අපගේ යම් අරමුණක් වෙනුවෙන් අපගේ ප්‍රධාන මූලික අවශ්‍යතාවයක් කැප කිරීමයි….. නැවැත්වීමයි…එය ඉටුවනතුරු …… ආහාර…. ජලය…හුස්ම… ආරක්ෂාව…නින්ද… ලිංගිකත්වය… සහ අනෙකුත් මූලික අවශ්‍යතාවලින් එකක් තෝරාගෙන අධිෂ්ඨානශීලිව මෙය ඉටු වනතුරු උදා…..” මම ආහාර නොගනිමි” අධිෂ්ඨානයෙන් සිටීමයි.
මේ සිදු වන්නේ කෙසේ දැයි බලමු….
අපට අවශ්‍ය ජීවිතය පවත්වාගෙන යාමට ඉහත සඳහන් මූලික අවශ්‍යතාවන් ඉටු කරන්නේ අපගේ යටි සිත විසින්…. එය යටි සිතේ මූලික වගකීමකි. විශ්වය විසින් පවරපු……මෙහිදී යටි සිත හැම විටම වග බලා ගන්නවා අපගේ මූලික අවශ්‍යතාවයන් කෙසේ හෝ සපුරා දීමට……..
කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වේවි එසේනම් අසරණ බවට පත් වූ පුද්ගලයන් බඩගින්නේ සිටින්නේ ඇයි කියා…….? ඊට හේතුව ඔහු ඔහුගේ සිතිවිලි මෙහෙයවන්නේ හැමදේම තමාට හිමි නැති බවට….. එනම් සෘණාත්මක සිතීමයි. යටි සිත ඔහුගේ සිතුවිලි වලට සමාන්තරව ක්‍රියා කරයි… ඔබ දැක තිබේද…….? සිතින් පොහොසත් කෙනෙක් කවදාවත් බඩගින්නේ සිටිනවා… සොයා බලන්න… අපගේ ගම්වල සමහර උදවිය සිටිනවා කාත් කවුරුවත් නැති කිසිම උගත්කමක් නැති රස්සාවක් නැති අය…. නමුත් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපිරෙනවා දිනපතාම…. සමහරවිට අපටත් වඩා හොඳින්. විශ්ව රහස් ..උගන්වපු ශාස්තෘවරයෙක් වන ජේසුස් වහන්සේ ඒ නිසා වෙන්න ඇති මෙසේ පැවසුවේ……….
“කුරුල්ලෝ ඔවුන්ගේ ආහාර සඳහා කපු කටින්නේ වත්…… රවුමට කැරකෙන්නේ වත්….. නැත. පියාණන් වහන්සේ ඔවුන්ව බලා ගන්නා නිසා……….“
ඔබට යම් අදහසක් ඇති යටි සිතේ වගකීම පිළිබඳව….
ඔබ ආහාර ගැනීම ඔබේ අරමුණක් වෙනුවෙන් එක් වේලක් නොගෙන සිටීමේ දී යටි සිතට විශාල අපහසුවක් ඇති වෙනවා. යම් ශක්තියක් ඔහු නිකුත් කරනවා ඔබේ අරමුණට අවශ්‍ය…. නමුත් අරමුණ ඉෂ්ට නොවේ නම් අනෙක් වේලත් ඔබට කැප කරන්නට වෙනවා. අධිෂ්ඨානය එලෙසම තබා ගන්නවා. මෙවිට යටි හිත ටිකක් අන්දමන්ද වෙනවා. වේල් කීපයකදී ඔබ ආහාර නොගෙන සිටීනම් යටි සිතේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය යොමුවෙනවා ඔබේ වර්තමාන සිතුවිලිවලට….එය අහස පොලව ගැටලා හෝ ඉටු කිරීමේ ශක්තිය විදහා පානවා එය ඉටු වන තුරු……..
මෙයයි සත්‍ය ක්‍රියා වල සැබෑ බලය. ඒ සැමවිටම අදුශ්‍යමාන ස්වභාවයක් ගන්නවා.
(සමහර අය තම ශීලයක් මත පිහිටා අදිශ්ටාන කරනවා.)
ඇත්තටම සත්‍යක්‍රියා පිළිබඳ අපට ඇත්තේ නීරස අදහසක්. අපත් නොදැනුවත්වම….. අපගේ මන්ද බුද්ධික දේශපාලන සහ ආගමික හිපාටු වන් අන් අයගේ අවධානය දිනා ගැනීමට මෙම ක්‍රමය අතකොළුවක් සේ භාවිතා කරනවා.එය අහන දකින අපට සත්‍යක්‍රියා පිළිබඳ දැනෙන්නේ වෙනස් සෘනාත්මක අදහසක්….
නමුත් මා පෞද්ගලිකව සත්‍යා ක්‍රියා විශ්වාස කරනු ලබන්නේ ආකර්ෂණ නීතියේ ක්‍රියාකාරීත්වය ඉහළින්ම ලබා ගත හැකි අති ප්‍රබල ක්‍රම දෙකෙන් එක ක්‍රමයක් ලෙසයි……..
සත්‍යක්‍රියා භාවිතයේදී ඔබ දැනගත යුතු පිළිවෙත් කිහිපයක් ඇත.
මේ කරුණ ඔබ සපුරා සිටින්නේ නම් කොතරම් බැහැයි කියා සාධක තිබුනත් කොයිතරම් දුෂ්කර උනත් එය ලබාගැනීමේ හැකියාව ඔබ සතුව තිබෙනවා…..