LAW OF ATTRACTION… Lesson 01…

ගොඩ දෙනෙක් මේ වන විටත් ආකර්ෂණ නීතිය භාවිතා කරමින් සිටිනවා. ප්‍රතිඵල ලබමින් සිටිනවා. නමුත් සැලකිය යුතු පිරිසක් තවමත් සිටිනවා… අතරමැද තත්ත්වයක…. මට හැකි පමණින් මග පෙන්වන්නම්. කොහොමද අපේ ඉදිරි ජීවිතය ගොඩනගා ගන්නේ….. අපට තෘප්තිමත් විය හැකි ආකාරයෙන්…. සහ දුකෙන් නිදහස් වීමේ මාර්ගය පිළිබඳව.


ඔබ ඕනෑම විශ්ව නීතියක් භාවිතා කරනු ලබනවා නම්…..මුලින්ම කළ යුතු ප්‍රධාන කරුණ නම්…. මෙතෙක් ඔබ කර තබා ගෙන සිටින සෘණාත්මක …..අශුභවාදී…. ආත්මාර්ථකාමී…. ස්වභාවය පිළිබඳව ඔබ ම හඳුනාගත යුතු වෙනවා. ඒ කියන්නේ ඔබ ඔබ ගැනම දැන ගත යුතු වනවා. ඔබේ ස්වභාවය…. සිතුම් පැතුම්… හොඳ ගතිගුණ…. නරක ගතිගුණ…. ඔබෙන් අන් අයට සිදුවන හානිදායක දේවල්…… මේ පිළිබඳව දීර්ඝ විශ්ලේෂණයක් සිදු කරන්න. පෑනක් කොළ කීපයක් ගෙන දින කිහිපයක් පුරාවට සියල්ල ලියන්න… ළඟම හිතවතුන් ගෙන් අදහස් ගන්න… ඔබව ඔවුන්ට දැනෙන හැටි…. විශේෂයෙන්ම නරක ගති පිළිබඳව සොයා ගන්න. ඔබ මෙය කළා නම් ඔබ නොසිතූ හැඟීමක් අවබෝධයක් ලැබේවි ඔබේ අලුත් පදනම (foundation එක) ශක්තිමත් වීමට.දැන් ඔබට තීරණය කළ හැකියි… කොතනින්ද පටන් ගන්නේ කියා….මා ඔබට විශේෂ ත්යාගයන් දෙකක් ලබාදී තිබෙනවා….. කෝකටත් තෛලය මෙන්…


01 ..හදවතේ භාවනාව
02.. සබ්ලිමිනල් වැඩසටහන


මේ දෙක දිනපතා භාවිතය ඔබට උදව්වක් වෙනවා… ඔබේ ඇතුළාන්තය පිරිපහදු කර ගැනීමට…. (Cleansing)
ඔබේ සිරුරේ සහ මනසේ තැන්පත් වී ඇති අශුභවාදී මතකයන් …… සෘනාත්මක නිගමනයන්…. උද්වේගයන්…. වල ඇති අයහපත් ශක්තිය ක්‍රමයෙන් ඉවත් වීමට.
ඔබට අඳුර ඉවත් කිරීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ කුමක්ද …?
සමහරු කඩුවක් ගෙනත් වටේටම පහරදෙනවා අඳුර නැතිකරන්නට…
තවත් සමහරු තමන් ඉගෙන ගත් දෑ යොදවමින් උත්සාහ කරනවා… අදුර නැතිකරගන්නට…
තවත් සමහරු ධනයෙන් බලයෙන් උත්සාහ කරනවා අදුර නැති කරගන්නට…
තවත් සමහරු අඳුර වෙනස් කරගන්නට බැහැ … මේක අපේ වෙලාව කියා පැත්තකට වෙලා ඉන්නවා අඳුරේම…
ඔබට හිතේවි මේ මොන විකාරයක්ද …මේ කියන්නේ කියා…… නමුත් ඇත්තටම ජීවිතයේ ඇතිවන විවිධාකාර තත්ත්වයන්ට අප මුහුණ දෙන්නේ ඔය විදිහේ ගොංපාට් වලින්මයි.
ඔබට අඳුර නැති කරන්නට නම් ආලෝකය රැගෙන ඒමත් අවශ්‍යයි….. ඒ වගේම ඔබට දීර්ඝකාලීනව ජීවිතය සැනසීමෙන් …..නිදහසේ…. ප්‍රීතියෙන්…. ප්‍රමෝදයෙන් …..ගත කිරීමට අවශ්‍ය නම් ඔබ රැගෙන ආ යුතුයි….. විශේෂ යමක්…. ? ඔබේ වර්තමාන මේ මොහොතට…….
බොහෝ දෙනෙක් විවිධ දේවල් කියාවි… නමුත් එක දෙයක් ඔබ රැගෙන ආවොත් සියල්ල වෙනස් වෙනවා…. අත්දැකීමෙන් සහ අත්විදීමෙනුයි…. කියන්නේ… ඔබේ ජීවිතයට නැතිනම් අප ඇතුලාන්ත අවකාශයට රැගෙන ආවොත්… එය දිදුලාවි. සෑම මොහොතකම…. නමුත් එය මුලින් රැගෙන ඒම ටිකක් දුෂ්කරයි…. නිරන්තරයෙන් ගලමින් තිබූ දෙයක්…..ඔබ නොසලකා හැරපු දෙයක්…. ඔබ නොදැනුවත්වම අතහැර දාපු දෙයක්… කවුරුවත් අපට එහි වටිනාකම ගැන කියා නොදුන් දෙයක්…..
කුමක්ද ඒ දෙය……?…?…?
ඒ දෙයට පුළුවන් ඔබේ ජීවිතයේ ඕනෑම දෙයක් වෙනස් කරන්නට…..ඒ දෙයට පුළුවන් ඔබේ ඕනෑම ප්‍රශ්නයක් අතුරුදහන් කරන්නට….ඒ දේට පුළුවන් ඔබට අවශ්‍ය සැබෑ ජීවිතය නිර්මාණය කර දෙන්නට…….
එයයි සැබෑම වූ රහස…
විශ්ව නීති
12ම වසඟයට ගන්න එහෙම නැතිනම් ඉක්මවා යන්න පුළුවන් තරම් දෙයක් ඔබ තුළ සැඟව පවතිනවා.මේ මොහොතේ ඔබ තුළ පවතිනවා…. නමුත් ඔබ දන්නෙ නෑ එහි වටිනාකම.
පුංචි ඉගියක් දෙන්නම්…. විශ්වයට මෙතෙක් පැමිණි සියලුම ශාස්තෘවරුන්ගේ ප්‍රධානතම ඉගැන්වීම….
ඔබ මේ දෙය අත්කරගත හොත්…. ඔබට පුලුවන් Law of Attraction තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගන්නට……

© 𝗪𝗿𝗶𝘁𝗶𝗻𝗴𝘀 𝗕𝘆 Nuwan Rajapaksha

  • Related Posts

    විශ්වමාතා ප්‍රදානය

    සෑම නිවසකටම රුපියල් 50,000 ක ආධාර මුදලක් ලබාදීමට අනුමැතිය ලබාදී තිබෙනවා.එක අවස්ථාවක් ලැබෙන බැවින් මෙම අවස්ථාව මගහැරගන්න එපා. ඔබගේ ලබා ගැනීමට පහත සබැඳිය ක්ලික් කරන්න 👇

    ORIGINAL ADIWASI OIL

    🌸 ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි. ඒ විතරක් නෙමෙයි මෙය සති 3ක බාවිතය මගින් විශාල වෙනසක් ඔබට ලබාගැනීමට හැකිය.කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *