low of attraction ගැන වැරදි දේවල්

අපි කොච්චර law of attraction ගැන දැන ගත්තත් සමහර අය නිසා වැරදි දේවල් සමාජ ගත වෙලා තියනවා. ඒ නිසා මම මේ ලිපිය දාන්නෙ හරිම පරිස්සමින් තෝරලා, බේරලා හැමෝටම තේරෙන විදිහට. ටිකක් දිගයි ලිපිය, ඒත් මග අරින්න එපා. මේ ලිපිය අනිවාර්යෙන් කියවන්න!

විශ්ව ආකර්ශන නීතියේදී ඔයාල කරන වැරදි කීපයක් ගැන තමයි මම අද කියන්න යන්නේ:

1. නොකඩවා කරන්නේ නැති වීම.

  • ඒ කියන්නේ දවස් දෙකක් එක දිගට ඔයා අදාළ දේවල් කරනවා. ඊට පස්සේ සතියම ඔයා දුකින් ඉන්නවා. මෙහෙම කරන්න එපා. හැම දවසක්ම විශ්ව ආකර්ශන නීතියට අනුව ගත කරන්න.

2. විශ්ව ආකර්ශන නීතිය විශ්වාස නොකිරීම.

  • ඒ කියන්නේ මේක ඇත්තද? මේවා බොරු වෙන්න ඇතිනේ. අපි හිතනවා කොහොමද අපිට ආකර්ෂණය වෙන්නේ. මෙන්න මෙහෙම විශ්වාසයක් නොතිබීම.

3. සැකය.

  • ඔයා විශ්ව ආකර්ශන නීතිය ඔයාගේ ජීවිතයට ඇතුළත් කරගත්තට පස්සේ ඔයාට හැමතිස්සෙම හිතෙනවා:
  • “මේක ඇත්තටම වෙයිද?”
  • “මට හම්බවෙයිද?”
  • “මේ ප්‍රශ්නෙට විසඳුමක් ඇත්තටම මෙහෙම කරලා ලැබෙයිද?”

මෙන්න මෙහෙම ඔයාට සැක හිතෙනවා ඒක ලොකු වැරැද්දක්. ඒ සැකය නැති කරගන්න. 100% ක් විශ්වාස කරනවා නම් සැකයක් හිතේ ඇති වෙන්නම බැහැ.

4. අවශ්‍යතාවය ඇති උනාම විතරක් විශ්ව ආකර්ශන නීතිය පාවිච්චි කිරීම.

  • හිතන්න ඕනේ: විශ්ව ආකර්ශන නීතිය දන්නවා. ඒත් ඔයාගෙ ජීවිතේ හැම දෙයක්ම හරියට සිද්ධවෙන නිසා, ස්තුතිවන්ත වීමක් හෝ ධනාත්මකව සිතීමක් කරන්නේ නැහැ. ඒත් ඔයාට කරදරයක් එනකොට ඒක කරන්න පටන් ගන්නවා. එතකොට ඒක හොඳ ප්‍රතිඵල අරගෙන දෙනවා. ආයෙත් ඔයාට හැමදේම හොඳ අතට පෙරළෙන කොට, විශ්ව ආකර්ශන නීතිය ගණනකටවත් ගන්නේ නැහැ.
  • Scripting කරන්නෙ නෑ, affirmations කියන්නේ නෑ, කිසිම දේකට ස්තූතිවන්ත වීමක් නෑ. මෙහෙම කරන්න එපා.
  • විශ්ව ආකර්ශන නීතිය, ඔයාගේ ජීවිතයේ පුරුද්දක් කරගන්න. ජීවිතේ යහපත් කාලේ වගේම අයහපත් කාලේත්, මේක ජීවිතයේ පුරුද්දක් කරගන්න.

5. විශ්ව ආකර්ශන නීතිය ගුරුකමක් ලෙස සිතීම.

  • ඒ කියන්නේ මේක අද්භූත මන්තරයක් විදිහට හිතට ගැනීම. අනිසි බයක් හිතේ තිබීම.

6. ප්‍රතිඵල කවදා එයිද කියලා බැන බැන සැකෙන් ඉන්නවා.

  • අපි හිතමු ඔයා 55×5 ක්‍රමය අරගෙන කරලත් තවමත් ප්‍රතිඵල නෑ. ඉතින් ඔයා ඒකට බයිනවා:
  • “ඔක්කොම බොරු.”
  • “මට විතරයි ඒකත් හරියන්නේ නැත්තේ.”

මෙන්න මෙහෙම බනින්න එපා. ඔයාට දෙයක් ඉෂ්ට වෙන්නේ නැත්නම්, ඒ දේ සුදුසු නැති හින්දා හෝ ඔයා නොදැනුවත්වම වැරැද්දක් නිසා.

7. වැරදි මිත්‍යා මත විශ්ව ආකර්ශන නීතිය සමඟ පටලවා ගැනීම.

  • උදාහරණයක් විදිහට, 33×3 ක්‍රමයක් කරනකොට, ඔයාට මාසික ඔසප් වීම තියෙනවා නම්, “කරන්න හොඳ නැහැ” යයි සිතීම.

8. අකාරුණික වීම.

  • විශේෂයෙන්, අනිත් අයට උදව් නොකර, දේ රහසක් ලෙස තබාගැනීම, මිනිසුන් කෙරෙහි වෛර වීම, සහ වංචා කිරීම.

9. ඔයා ගැන පහත් කොට සිතීම.

  • හොඳම දේවල් ලබාගැනීමට සුදුසු නොවීමක් ලෙස හිතීම.

10. අනිත් මිනිසුන් කියන දේවල් ගැන උවමනාවට වඩා සිතීම.

  • අනිත් මිනිස්සුන්ගේ අදහස් පිළිබඳ අවශ්‍ය තරමට පමණක් සැලකිලිමත් වන්න.

11. හැමතිස්සෙම පැමිණිලි කිරීම.

  • විශ්ව ආකර්ශන නීතිය භාවිතා කිරීමේදී පැමිණිලි නොකරන්න.

12. ඉවසීමක් නොමැතිකම.

  • ප්‍රතිඵල ලැබීමේ වේගය විවිධ වේ. ඉවසීමෙන් බලන්න.

13. විශ්වයේ පරීක්ෂාකිරීම අසමත්වීම.

  • අභියෝගයන්ට මුහුණ දීමේදී, ඉවසීමෙන් සහ ස්තුතිවන්ත ව මුහුණ දෙන්න.

14. විශ්ව ආකර්ශන නීතියේ නියමයන් අමතක කිරීම.

  • ධනාත්මක සිතීම, ක්‍රියාකලාපය, සහ ස්තුතිවන්ත වීම මූලික පුරුදු කරගන්න.

15. නිශ්චිත අරමුණක් නොමැති වීම.

16. අරමුණ ගැන පැහැදිලි චිත්‍රයක් නොමැතිකම.

17. උවමනාවට වඩා වැඩියෙන් දේවල් කිරීම.

18. ප්‍රාර්ථනා කිරීම.

19. දුක කියන්නේ හැමෝටම උරුම දෙයක් ලෙස හැමතිස්සෙම සිතීම.


  1. පිළිවෙළක් නැතිකම.
  • කාලය කළමනාකරණය කරන්න ඉගෙන ගන්න.
  • ඉන්න තැන වගේම ඔයාවත් පිරිසිදුව තියාගන්න.
  1. ඔයා ඔයාට ආදරේ නැති කම.
  2. විශ්වයට කළ හැකි දේ ගැන හෝ ඔයාට විශ්වයෙන් ලැබෙන දේ ගැන සීමාවන් තබා ගැනීම.
  3. අනාගතයට කියන අනවශ්‍ය බය. අනාගතය ගැන අනිසි බියක් ඇති කර ගැනීම.
  4. උත්සහ නොකිරීම. ඊට අවශ්‍ය පියවර නොගැනීම.
  • අපි හිතමු ඔයාට රට යන්න ඕනේ. ඒත් ඔයා පාස්පෝට් එක වත් හදන්න යන්නේ නැතුව ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා. එතකොට මෙතන ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඊට අවශ්‍ය පියවර අනිවාර්යෙන් ගන්න.
  1. විශ්ව ආකර්ශන නීතිය ක්‍රියාත්මක කරන්න කලින් ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්න.
  2. කම්මැලිකම.
  • දවසක් මම දැක්කා ග්‍රැෆ් එකක් දාලා තියනවා, මට කෝටි දහයක මුදලක් සමග මැණික් ගල් ලැබේවා කියලා… බොරු කියන්න ඕන නෑ, මට හිනා ගියා ඒකට.
  • බනින අය බනින්න මට කමක් නෑ 😅.
  • ඉතින් යාලුවනේ, ඔයාලම හිතන්නකෝ එහෙම දෙයක් සාමාන්‍යයෙන් වෙයිද දවසින් දෙකෙන්?
  • ඒක තමයි මම මුලින්ම කීවෙ, වර්තමානයේ සෝෂල් මීඩියා තමන්ට ප්‍රසිද්ධ වෙන්න උවමනාවට වැරදි දේවල් සමාජගත කරලා තියනවා කියලා.
  • ඉතින් මට අවසානයේ ඔයාට කියන්න තියෙන්නෙ:
    උත්සාහයෙන් තොර ජයග්‍රහණයක් නෑ කියලා.
  • කවදාවත් අහල තියනවද දක්ෂයා ජය ගනී කියලා? මම නම් අහල නෑ.
  • මං අහල තියෙන්නේ උත්සාහවන්තයා ජය ගනී කියලා.

අවසානයේ, මට කියන්න තියෙන්නේ:

  • ඔයා ඔයාගේ ආත්ම විශ්වාසය ගැන හිතලා වැඩ කරන්න.
  • සාර්ථක වෙන එක 100%.

ඉතින්, මේ තියෙන්නේ විශ්ව ආකර්ශන නීතිය බ්ලොක් වෙන හේතු කීපයක්.

  • මේ හේතු ගැන සැලකිලිමත් වෙන්න.
  • විශ්ව ආකර්ශන නීතිය ඔයාගේ පුරුද්දක් කරගන්න.
  • ඒ කියන්නේ, ඔයාගේ ජීවිතේ විශ්ව ආකර්ශන නීතිය තුලින් ගොඩනඟා ගන්න.

  • Related Posts

    විශ්වමාතා ප්‍රදානය

    සෑම නිවසකටම රුපියල් 50,000 ක ආධාර මුදලක් ලබාදීමට අනුමැතිය ලබාදී තිබෙනවා.එක අවස්ථාවක් ලැබෙන බැවින් මෙම අවස්ථාව මගහැරගන්න එපා. ඔබගේ ලබා ගැනීමට පහත සබැඳිය ක්ලික් කරන්න 👇

    ORIGINAL ADIWASI OIL

    🌸 ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි. ඒ විතරක් නෙමෙයි මෙය සති 3ක බාවිතය මගින් විශාල වෙනසක් ඔබට ලබාගැනීමට හැකිය.කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *